brand logo
logo
 දළඳා මාලිගාව අසල කළහාකාරී ලෙස හැසිරුණු පුද්ගලයා අත්අඩංගුවට

දළඳා මාලිගාව අසල කළහාකාරී ලෙස හැසිරුණු පුද්ගලයා අත්අඩංගුවට

23 August 2026


මහනුවර දළඳා පෙරහැර වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට පරුෂ වචනයෙන් බැනවැදී කළහාකාරී ලෙස හැසිරි නිලධාරීන්ගේ රාජකාරියට බාධාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


අද (23) පෙරවරුවේ මෙම පුද්ගලයා මාලිගා භූමියට ඇතුල්වල ප්‍රධාන විපිසුම ඉදිරිපිට රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන්ට මෙලෙස පරුෂ වචනයෙන් බැනවැදී ඇති බව පොලීසිය පවසයි.


ඒ අනුව ආදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකරණ බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

 

More News..