වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ගිනි ගැනීම් සිද්ධි 258ක්
26 July 2026
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ගිනි ගැනීම් සිද්ධි 258ක්
26 July 2026
ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස කිහිපය තුළ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පමණක් ගිනි ගැනීමේ සිද්ධීන් 258ක් වාර්තා වී ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ එම ගිනි ගැනීමේ සිදුවීම්වලින් සමස්ත මුදා ගැනීම් සංඛ්‍යාව 17ක් ලෙසද වාර්තා වී ඇති බවය.
පසුගිය වසරේ දී පමණක් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ගිනි ගැනීම් සිදුවීම් 382ක් වාර්තා වී ඇති අතර ඉන් මුදා ගැනීමේ සිදුවීම් 46ක් වාර්තා වී තිබේ.
කෙසේ නමුත් මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ පමණක් කොළඹ දිස්ත්‍රික්කයේ ගිනි ගැනීමේ සිදුවීම 258ක් වාර්තා වීම අවධානය යොමු කළ යුතු කරුණක් බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
එමෙන්ම මෙම වසරේ මේ දක්වා වූ කාලය තුළ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහා හදිසි ඇමතුම් 13ක්ද ලැබී ඇති අතර එම ඇමතුම් අතරට මාර්ග අවහිරතා, ගස් කඩා වැටීම්, රිය අනතුරු හේතුවෙන් සිදුවන මුදා ගැනීම්ද ඇතුළත් වී තිබේ.
මෙම ගිනි ගැනීම් සඳහා ප්‍රධානම හේතු සාධක ලෙස විවිධ සේවා ස්ථානවල ගිනි ආරක්ෂිත ක්‍රියාමාර්ග නොතිබීම, හදිසි ප්‍රතිචාර සඳහා සම්බන්ධ නොවීම, නිවෙස් සහ සේවා ස්ථානවල අනාරක්ෂිත විදුලි ක්‍රියාකාරකම් මෙන්ම වියළි කාලගුණික තත්ත්වයන්ද බලපා ඇති බවද අනාවරණය වී ඇත.

