අනියම් සම්බන්ධයක් ගැන සැක සිතී සැමියා සමග බහින් බස් වී බිරිය ත්‍රීවීලරයෙන් පැන මරුට
19 May 2026 | එෆ්. අස්ලම්
අනියම් සම්බන්ධයක් ගැන සැක සිතී සැමියා සමග බහින් බස් වී බිරිය ත්‍රීවීලරයෙන් පැන මරුට
19 May 2026 | එෆ්. අස්ලම්
තම සැමියා අනියම් සම්බන්ධයක් පැවැත්වූයේ යැයි සැක සිතූ 24 හැවිරිදි කාන්තාවක් සැමියා විසින් පදවන ලද ත්‍රිරෝද රථයෙන් පිටතට පැනීම නිසා මියගොස් ඇතැයි පනාමුරේ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බුලුතොට යක්මඩිත්ත ප්‍රදේශයේ පදිංචි දිලහාරා සෙව්වන්දි නැමැති කාන්තාවක් බව පොලිසිය පවසයි.
මෙම කාන්තාව තම සැමියා සමගින් පසුගිය 12 වැනිදා පනාමුර ප්‍රදේශයේ පදිංචි තම දෙමාපියන් බැලීමට ගොස් ඇති අතර එහිදී සැමියා සමගින් බහින්බස් වීමක් සිදුව ඇත.
ඒ අවස්ථාවේදී උරණ වූ බිරිද තමන් ත්‍රිරෝද රථයෙන් පිටතට පනින බව පවසා එකවරම රථයෙන් පිටතට පැන ඇත.
බරපතළ තත්ත්වයේ පසුවූ මෙම කාන්තාව සැමියා විසින් පනාමුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවූ ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියෙදී පෙරේදා මියගොස් ඇත.
මෙම මරණයට අදාළව මියගිය කාන්තාවගේ සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු පවසා ඇත්තේ තමාට කිසිම සම්බන්ධයක් නැති කාන්තාවක සමගින් තමන් අනියම් ඇසුරක් පවත්වන බවට සැකකරමින් බිරිද තමා හා ආරවුලක් ඇතිකර ගත් බවය.
කෙසේ වෙතත් සැකකාර සැමියා නොසැලකිලිමත්ව කටයුතු කිරීමෙන් මරණයක් සිදුකරගැනිමට ඉඩකඩ සැලසීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදුකරන බව පනාමුර පොලිසිය පවසයි.

