ලංකා ප්‍රිමියර් ලීග් 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරීම ඇරඹෙයි
01 June 2026
ලංකා ප්‍රිමියර් ලීග් 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරීම ඇරඹෙයි
01 June 2026
ලංකා ප්‍රිමියර් ලීග් 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරීම මේ වන විට ආරම්භ වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (LPL)ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයන් 421 දෙනෙකු ඇතුළත් කර තිබේ.
ඉන් දේශීය ක්‍රීඩකයින් 179ක් සහ විදේශීය ක්‍රීඩකයින් 242ක් දෙනෙකු ඇතුළත් වේ.
ක්‍රීඩක කෙටුම්පත් කිරීමට තෝරාගත් මෙරට ක්‍රීඩකයින් ජාතික මට්ටම, දේශීය මට්ටම මෙන්ම නැගීඑන (Emerging) ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ තෝරාගෙන ඇත.
සියලුම දෙස් විදෙස් ක්‍රීඩකයින් ප්ලැටිනම්, ගෝල්ඩ්, ක්ලැසික්, නැගීඑන සහ ඇසෝසියේට් ස්ටාර්ස් (Associate Stars) ලෙස කාණ්ඩ කිහිපයක් වර්ගකර ඒ ඒ කණ්ඩායම් සඳහා තෝරාගැනීම සිදුකරන ලබයි.
එහි දේශීය ක්‍රීඩකයින්ගෙන් 17ක් ප්ලැටිනම් කාණ්ඩයට ඇතුළත් අතර, ගෝල්ඩ් කාණ්ඩයට 34ක්, ක්ලැසික් කාණ්ඩයට 80ක් හා නැගීඑන කාණ්ඩයට 48ක් ලෙස සෙසු ක්‍රීඩකයින් නම්කර ඇත.
එමෙන්ම විදේශීය ක්‍රීඩකයින්ගෙන් 31ක් ප්ලැටිනම් කාණ්ඩයට ඇතුළත් අතර, 64ක් ගෝල්ඩ් කාණ්ඩයට ඇතුළත්ය. තවත් ක්‍රීඩකයින් 99ක් ක්ලැසික් හා ක්‍රීඩකයින් 48ක් ඇසෝසියේට් ස්ටාර්ස් කාණ්ඩයට ඇතුළත්
මෙම ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ සජීවී තොරතුරු බලාපොරොත්තු වන්න....

