brand logo
logo
 දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවෙයි

දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවෙයි

15 September 2026



කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබේ.


අද (15) උදෑසන 10ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (16) උදෑසන 10 දක්වා වූ පැය 24 සඳහා බලපැවැත්වේ.


ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ, සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, බුලත්සිංහල, බේරුවල, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර සහ වලල්ලාවිට ප්‍රදේශ සඳහා මෙන්ම කෑගල්ල දිස්ත්‍රක්කයේ වරකාපොළ සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහාත් මෙම නිවේදනය අදාළ වේ. 

 

More News..