brand logo
logo
තුන්කොන් සටනේ ශුරතාවය සත්කාරක පාකිස්ථානයට

තුන්කොන් සටනේ ශුරතාවය සත්කාරක පාකිස්ථානයට

31 October 2026


එංගලන්තය, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය තරග වැදුණු එක්දින තුන්කොන් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට සත්කාරක පාකිස්ථානය සමත් විය.


ඒ, අද (31) පැවති අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 05කින් පරාජයට පත්කරමින්.


අවසන් තරගය අද (31) මෙරට වේලාවෙන් පස්වරු 01.30ට ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.


තරගයේ කාසිසේ වාසිය දිනාගත් පාකිස්ථාන නායකයාගේ ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් ලබා දෙමින් ලකුණු 325ක් රැස්කර ගැනීමට සමත් වුණා.


ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු කමිඳු මෙන්ඩිස් අඟනා ශතකයක් සමඟ ලකුණු 131ක් රැස්කර ගැනීමට සමත් වූ අතර, පවන් රත්නායක ද ලකුණු 77ක් රැස්කර ගත්තා.


ඒ අනුව ලකුණු 326ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්ථානය පන්දුවාර 48යි පන්දු 03ක් තුළ කඩුලු 07ක් පමණක් ලබා දෙමින් එම ඉලක්කය හඹා ගියා.


පාකිස්තානයේ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් පාකිස්තාන ඉනිම ගොඩ නගමින් ලකුණු 127ක් රැස්කර ගැනීමට සමත් විය.


 

More News..