brand logo
logo
 බොරලැස්ගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පන්නිපිටියෙන් හමුවෙයි

බොරලැස්ගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පන්නිපිටියෙන් හමුවෙයි

05 September 2026


බොරලැස්ගමුවේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් යතුරුපැදිය මහරගම පොලීසිය විසින් සොයාගෙන තිබේ.


පන්නිපිටිය මහල්වරාව පිහිටි විහාරස්ථානයක් අසල වෙල්යායක දමා ගොස් තිබියදී පොලීසිය විසින් අද (05) මෙම යතුරුපැදිය සොයාගෙන ඇත.


මහරගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිට ලැපුණු තොරතුරක් මත මෙම යතුරුපැදිය සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.


ඊයේ (04) රාත්‍රියේදී බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරිණි.


74 හැවිරිදි වියේ පසුවූ එම පුද්ගලයා නිවසේ රැඳි සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය අනාවරණය කරගනු ලැබීය.


වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට ලක්වූ පුද්ගලයා කොස් මල්ලි නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ අයෙකු බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.


වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..