සයිබර් මූල්‍ය වංචා මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාවට පැමිණි FBI නිලධාරීන් සතියක විශේෂ සංචාරය අවසන් කරයි
22 November 2026
සයිබර් මූල්‍ය වංචා මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාවට පැමිණි FBI නිලධාරීන් සතියක විශේෂ සංචාරය අවසන් කරයි
22 November 2026
දේශසීමා ඉක්මවා යන සයිබර් මූල්‍ය වංචා ජාලයන් මැඩපැවැත්වීම සහ ඊට වගකිව යුත්තන් යුක්තිය හමුවට පැමිණවීමේ අරමුණින්, අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) සහ එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සතියක විශේෂ සංචාරයක් අද (22) අවසන් කළහ.
පසුගිය නොවැම්බර් 16 වැනිදා සිට අද දක්වා පැවති මෙම සංචාරය අතරතුර, අමෙරිකානු නිලධාරීන් විසින් මෙරට නීතිපති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන විමර්ශන ඒකක කිහිපයක් සමඟ සමීපව කටයුතු කරනු ලැබීය.
ඒ අතර ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය (CCIU), මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) සහ තාක්ෂණික ආධාර ඒකකය (TAU) ප්‍රධාන වේ.
අමෙරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන වංචා මධ්‍යස්ථාන (Scam Centers) පිළිබඳ විමර්ශන ඉදිරියට ගෙන යාම මෙහි ප්‍රධාන අරමුණ විය.
මෙම සංචාරය තුළදී දෙරටේ බලධාරීන් විසින් ,
දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන වංචා මධ්‍යස්ථාන 2කට අදාළ විමර්ශන උපාය මාර්ග පුළුල් ලෙස සමාලෝචනය කිරීම,
ශ්‍රී ලංකා පොලිසිය සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් ඉලෙක්ට්‍රොනික උපකරණ 80කට අධික ප්‍රමාණයක ඩිජිටල් සාක්ෂි ලබා ගැනීම සහ පරීක්ෂා කිරීම.
ඩිජිටල් සාක්ෂි විශ්ලේෂණය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා දීම සහ දේශසීමා හරහා සිදුවන අපරාධ මැඩපැවැත්වීමේ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම වැනි කාර්යයන් සිදුකර තිබේ.
මෙම වැඩසටහන මගින්, සයිබර් අපරාධකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ ශක්තිමත් නඩු ගොනු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය පසුබිම සකස් කර ඇත.
ජාත්‍යන්තර අපරාධ ජාලයන් විසින් ලොව පුරා සිටින වින්දිතයන්ගෙන් ඩොලර් බිලියන ගණනක් වංචා කරමින් සිටින බැවින්, දේශසීමා ඉක්මවා යන නීතිය ක්‍රියාත්මක කිරීමේ හවුල්කාරිත්වය අතිශයින් වැදගත් බව මෙහිදී අවධාරණය කෙරිණි.
FBI නිලධාරීන්ගේ මෙම සංචාරය අවසන් වුවද, ඉදිරි විමර්ශන හෝඩුවාවන් ඔස්සේ කටයුතු කරමින් අපරාධ ජාලයන්හි ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමටත්, දෙරටේම ජනතාව ආරක්ෂා කිරීමටත් අමෙරිකානු සහ ශ්‍රී ලංකා බලධාරීන් අඛණ්ඩව එක්ව කටයුතු කරනු ඇත.


