brand logo
logo
නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

09 October 2026 | ජයන්ත වීරසේකර-වැල්ලවාය


වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය ප්‍රදේශයේ සිදු කළ වැටලීකමදී නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


එම ස්ථානයේ තිබී නීතී විරෝධී මත්පැන් පෙරීමට ගන්නා උපකරන රැසක් ද පොලිස් නිලධාරීන් විසින් සිය බාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.


සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

 

More News..