WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වන සැසිවාරයේ සමාරම්භය හෙට
06 September 2026
WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වන සැසිවාරයේ සමාරම්භය හෙට
06 September 2026
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු - නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වන සැසිවාරයේ සමාරම්භය හෙට (07) ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයෙට් ඩිලි නුවරදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව සමුළුවේ වත්මන් සභාපති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු මෙරට නියෝජිත කණ්ඩායම සමුළුවට සහභාගී විම සඳහා අද (06) දිවයිනෙන් පිටත්ව යාමටද නියමිතය.
මෙම සැසිවාරය හෙට දින සිට එළැඹෙන 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතාගේ සභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
දකුණු නැගෙනහිර ආසියානු කලාපයේ සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම සැසිවාරය පැවැත්වේ.
මේ සඳහා දිවයිනෙන් පිටත්ව යන නියෝජිතයින් අතරට මෙරට නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කටයුතු කරන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) වෛද්‍ය එස්. ශ්‍රීධරන්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්. එම්. ආර්නෝල්ඩ්, ජාන විද්‍යාව හා ජෛව වෛද්‍ය තොරතුරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වජිර එච්. ඩබ්ලිව්. දිසානායක සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) වෛද්‍ය ජානකි විදානපතිරණ යන මහත්ම මහත්මීන් මෙම නියෝජිත කණ්ඩායමට ඇතුළත් ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙම සැසිවාරය විශේෂ වැදගත්කමක් උසුලන අතර පසුගිය 2025 වසරේ කොළඹදී පැවැති 78 වන කලාපීය කමිටු සැසිවාරයේදී සභාපති ධුරයට පත් වූ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නව සභාපතිවරයා තෝරා පත් කර ගන්නා තෙක් එම ධුරයේ කටයුතු කරන බවය.
ඒ අනුව හෙට දිනෙන් ආරම්භ වන මෙම සැසිවාරයේදී නව කාර්ය මණ්ඩල නිලධාරීන් තෝරා පත් කර ගැනීම ඇතුළු පාලන කටයුතු සිදු කිරීමටද නියමිතය.
මෙවර කලාපීය කමිටු සැසිවාරයේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ විශේෂිත සෞඛ්‍ය සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම වෙනුවෙන් සෞඛ්‍ය මානව සම්පත් ශක්තිමත් කිරීම කෙරෙහි වන අතර, ඒ අනුව දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සහ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කිරීමටද නියමිතය.
විශේෂිත සෞඛ්‍ය සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම, සෞඛ්‍ය මානව සම්පත් සංවර්ධනය, විශ්වීය සෞඛ්‍ය ආවරණය ශක්තිමත් කිරීම, සෞඛ්‍ය පද්ධති ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධිය භාවිතය, සෞඛ්‍ය ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම, බහු රෝග තුරන් කිරීම සහ ක්ෂය රෝගය තුරන් කිරීම ඇතුළු කරුණු කෙරෙහි විශේෂ අවධානය මෙම සමුළුවේදී යොමු කිරීමටද නියමිතව ඇත.
එමෙන්ම, විශේෂිත සෞඛ්‍ය සේවා සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සම්බන්ධයෙන් ඩිලි ප්‍රකාශනය සම්මත කර ගැනීම සඳහා ද මෙවර සැසිවාරයේදී අවධානය යොමු කිරීමට නියමිතය.

