කෙසෙල්ගමුඔය පිටාර ගලයි- බගවන්තලාවේ නිවාස රැසක් යටවේ
26 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
කෙසෙල්ගමුඔය පිටාර ගලයි- බගවන්තලාවේ නිවාස රැසක් යටවේ
26 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
බගවන්තලාව ප්රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් බගවන්තලාව ප්රදේශයේ පහත් බිම් රැසක් අද (26) දින ජලයෙන් යට වී ඇත.
කෙසෙල්ගමුඔයෙ ජලය පිටාර ගැලීම නිසා එම ඔයට බගවන්තලාව කොටියාගල වතුයායේ සිට ජලය ගලා බසිනා වැසි ජලය එම වතුයායේ පහත්බිම්වල පිහිටි නිවාස රැසකට ගලා යෑම හේතුවෙන් වතු නිවාස රැසක් ජලයෙන් යට වී ඇත .
මේ අතර, හැටන් ප්රදේශයට අද දින ඇදහැලුණු අදික වර්ෂාවත් සමග හැටන් බස් නැවතුම්පොළට පැමිණි මගීන් දැඩි ලෙස පීඩාවට පත් වි සිටියි .

