අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු අත්අඩංගුවට
28 September 2026
අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු අත්අඩංගුවට
28 September 2026
ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන නිවාස සංකීර්ණය ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ මෙහෙයුමක දී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31 මිලිග්‍රෑම් 350ක් සොයා ගෙන ඇති බවද සඳහන්.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

