brand logo
logo
අද කාලගුණය

අද කාලගුණය

16 September 2026

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


දිවයිනේ සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 


 

More News..