brand logo
logo
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

02 September 2026

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


පවුලේ ඥාතීන් පැවසුවේ, කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (01) රාත්‍රියේ මියගිය බවයි.


මියයන විට 64 වන වියේ පසුවු ඒ මහතා රංගන ශිල්පියෙක් ලෙසද ජනාදරයට පත්වූ අයෙකි.


මිල්ටන් පෙරේරා පුත්‍රයා වන ප්‍රියංකර පෙරේරා මහතා, සුපුන් සඳක්, සඳුන් ගසේ සමන් වැලක්, සිකුරුලියා, අගාධ සාගරයේ වැනි ගීතයන්ගෙන් ප්‍රේක්ෂකයින් අතර බෙහෙවින් ප්‍රසිද්ධියට පත්විය.

 

More News..