හැකර්වරුන්ට ඩොලර් ගෙවූ රාජ්‍ය නිලධාරින්ට එරෙහිව දැඩි පියවර ගන්නවා - අනුර කරුණාතිලක
27 April 2026
හැකර්වරුන්ට ඩොලර් ගෙවූ රාජ්‍ය නිලධාරින්ට එරෙහිව දැඩි පියවර ගන්නවා - අනුර කරුණාතිලක
27 April 2026
මහා භාණ්ඩාගාරය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන්ට ගෙවීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම එක්ව සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
මෙම ක්‍රියාවලියේදී වගකීම් විරහිතව කටයුතු කළ නිලධාරීන් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්ව පිළිබඳවත් අවධානය යොමුවී ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කියාසිටියේය.
"මේක පැහැදිලිවම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම් විරහිත ක්‍රියකාරීත්වයක් තියෙනවා. ඒ නිලධාරින්ට අවශ්‍ය වන විනය ක්‍රියාමාර්ග දැනටමත් අරන් තියෙනවා. ඉදිරියේදී තවදුරටත් එන ප්‍රතිඵල එක්ක ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා."

