brand logo
logo
වෘත්තිය පුහුණු ආයතන සියල්ල එක්කරන ජංගම දුරකථන යෙදවුමක්

වෘත්තිය පුහුණු ආයතන සියල්ල එක්කරන ජංගම දුරකථන යෙදවුමක්

29 September 2023

අධ්‍යාපන අමාත්‍යාංශය සහ තෘතික හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව යටතේ පවතින මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කොට වෙබ් අඩවියක් සහ ජංගම දුරකථන යෙදවුමක් සැකසීම සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) ඇමරිකානු ඩොලර් මිලියන හයක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.


එමගින් මෙරට තරුණ තරුණියන්ට තමන්ට සුදුසු වෘත්තිය පුහුණු පාඨමාලා, ඒවා පවත්වන ආයතන, විෂය නිර්දේශ, උපදේශකවරුන් ආදී සියලු තොරතුරුවලට එකම වෙබ් අඩවියක් හරහා ප්‍රවේශ වීමේ හැකියාව ලැබෙනු ඇත.


මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය සහ තෘතික හා වෘත්තිය පුහුණු කොමිෂන් සභාව සමග ක්‍රියාත්මක කෙරේ. අදියර කිහිපයක් යටතේ 2026 වසර දක්වා ඊට මුදල් ප්‍රදානයන් සිදු කිරීමට නියමිතය.


 

More News..