brand logo
සජබ 22ක් හා තවත් පිරිසක් තීන්දුවක් ගනී

සජබ 22ක් හා තවත් පිරිසක් තීන්දුවක් ගනී

31 March 2023

මේ වන විට බලාගිරි දෝෂය වැලඳී ඇති කැබිනට් මණ්ඩල සංශෝධනය සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම සිදුවීමට නියමිත බවට රාවයක් තිබේ. 


අලුත් අවුරුද්දට කලින් පාර්ලිමේන්තුව අවසන් වරට අප්‍රේල් 4 වැනිදා රැස්වීමට නියමිත අතර මෙදින සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 15ක් පමණ ආණ්ඩුව හා එක්වීමේ සූදානමක් ඇති බව වාර්තා වේ. 


මෙම 15 දෙනා ඉස්සර වීමෙන් අනතුරුව තවත් මන්ත්‍රිවරුන් 7ක් ආණ්ඩුව සමග එකතු වන අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 22ක් පමණ ඒ අනුව ආණ්ඩුව හා එක් වීමට නියමිත බව කියවේ.


සජබ පිරිස ආණ්ඩුවට එක් වූ පසු කැබිනට් සංශෝධනය සිදුවීමට නියමිතය. සිය අනුගාමිකයන් ගැනීමට යන දේශපාලන තීන්දුව පිළිබඳ ඉව වැටුණු විපක්ෂ නායක හා සජබ නායක සජිත් ප්‍රේමදාස මේ වන විටත් සිය අනුගාමිකයන් යළිත් තමා වෙත නම්මවා ගැනීම වෙනුවෙන් සාකච්ඡා අරඹා ඇති බවද වාර්තා වේ.


මේ අතර ආණ්ඩුවේ සිට විපක්ෂයට ගොස් සිටින මන්ත්‍රිවරුන්ද ආණ්ඩුවට සහාය දැක්වීමට තීන්දු කර තිබෙන බව කියවේ. 


දේශපාලන අරංචි මාර්ග අනාවරණය කරන්නේ ආණ්ඩුවට සහාය දැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මොවුන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා ඇති බවයි.


 

More News..