කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙස නිරෝෂන් දික්වැල්ල යළි සංචිතයට
12 August 2026
කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙස නිරෝෂන් දික්වැල්ල යළි සංචිතයට
12 August 2026
සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්විමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙස වසර 3කට පසු නිරෝෂන් දික්වැල්ල සංචිතයට කැඳවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අගෝස්තු 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතය.
මෙම ටෙස්ට් තරගාවලියට සිය ආබාධය සුවනොවීම හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩකකුසල් මෙන්ඩිස් ක්‍රීඩා නොකරනු ඇති බවට වාර්තා වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පුරප්පාඩුවන කඩුලු රකින ක්‍රීඩක ස්ථානය වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල හෝ නවක ක්‍රීඩක අංජල බණ්ඩාර යන දෙදෙනාගෙන් එක් අයෙක් තෝරා ගනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
නිරෝෂන් දික්වැල්ල ටෙස්ට් තරගයක් වෙනුවෙන් අවසන්වරට ක්‍රීඩා කළේ 2023 වසරේදීය.
ඉන්දීය කණ්ඩායම මේවනවිට ශ්‍රී ලංකාව පැමිණ සිටින අතර ඔවුන් සිය පුහුණුවීම් ආරම්භ කර තිබේ.
නමුත් මේවනතුරු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නිල වශයෙන් නිවේදනය කර නොමැත.

