ස්මාර්ට් ෆෝන් සොරාගත් පිරිවෙන් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට
18 July 2026
ස්මාර්ට් ෆෝන් සොරාගත් පිරිවෙන් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට
18 July 2026
ජංගම දුරකතන අලෙවිසැළක ඉදිරිපස වීදුරුව බිඳදමා රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් ස්මාර්ට් ජංගම දුරකතන සහ මුදල් සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ පිරිවෙන් සිසුන් දෙදෙනෙකු එප්පාවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 04 වැනි දින අලුයම මෙම සැකකරුවන් දෙදෙනා එප්පාවල නගරයේ බස් නැවතුම්පොළ අසල පිහිටි ජංගම දුරකතන අලෙවිසැලක ඉදිරිපස වීදුරුව බිඳ දමා රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් ස්මාර්ට් ජංගම දුරකථන සහ මුදල් සොරාගෙන තිබේ.
පොලීසිය විසින් ඊයේ (17) දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් එප්පාවල, ඇඳගල, කැලේසියඹලෑව ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙනේ නේවාසිකව අධ්‍යාපනය ලබන වයස අවුරුදු 14ක් වන, තලාව නබඩවැව සහ එප්පාවල රොටවැව ප්‍රදේශවල පදිංචි පිරිවෙන් සිසුන් දෙදෙනෙකු බව සඳහන් වෙයි.
සොරකම සිදුවන අවස්ථාවේ වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරා දර්ශන, තඹුත්තේගම පොලිස් කොට්ඨාශයේ නිල සුනඛ'ජොනී' ඇතුළු නිලධාරීන්ගේ සහාය සහ ඇඟිලි සලකුණු අංශයේ විමර්ශන ඔස්සේ හා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු අදාළ දුරකතන අංකයන්ගේ EMIඅංක, දුරකතන සිම්පත්වල සංඥා කුළුණු වාර්තා ඔස්සේ සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් පසු සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී සොරකම් කරන ලද රුපියල් 1,074,930ක් වටිනා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 06ක් සහ රුපියල් 5000ක මුදලක් සහ අදාළ දුරකතන පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකාර සිසුවෙකු අදාළ වෙළඳසැලට පෙර දිනක පැමිණ, ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක මිළ ගණන් බලා ඇත.
එම ජංගම දුරකතය මිලදීගෙන දෙන ලෙස සිය පියාගෙන් ඉල්ලා ඇති අතර එය මිලදී ගෙන නොදීම නිසා මෙලෙස දුරකතන සොරාගෙන ඇත.
පසුව සොරාගත් ජංගම දුරකතන වලින් දෙකක් සිය භාවිතයට තබාගෙන ඇති අතර අනෙක් ජංගම දුරකතන පිරිවෙනේ හිමිනමකට හා පියාට මෙන්ම තවත් සිසුන් කීපදෙනෙකුට බෙදා දී ඇතැයි අනාවරණය කර ගෙන ඇත.
මොවුන් විසින් සොරාගත් එක් ජංගම දුරකතනයකට විහාරස්ථානයේ හිමිනමකගේ සිම්පතක් යොදාගෙන භාවිත කර ඇති අතර, ඒ ඔස්සේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත.
මෙම බාලවයස්කරුවන් ජංගම දුරකතන භාවිතාකර ඔන්ලයින් ක්‍රීඩාවක් සිදුකර ඇති අතර, එම ක්‍රීඩායට ඇබ්බැහි වී මෙම සොරකම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.
අත්අඩංගුවට ගත් සැකකාරුවන් දෙදෙනා සහ නඩු භාණ්ඩ අද (18) දින තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එප්පාවල පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

