උණවටුනේදී විදේශික දරුවන්ට තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට
02 November 2026
උණවටුනේදී විදේශික දරුවන්ට තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට
02 November 2026
ගාල්ල, උණවටුන සංචාරක කලාපයේ මාර්ගයක රැඳී සිටි බාලවයස්කාර විදේශ ජාතික දරුවන් පිරිසකට පහර දෙන බවට පවසමින් සාපරාධී බිය ගැන්වීමක් සිදු කළ පුද්ගලයෙකු උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 12 සහ 13 පමණ වන විදේශික දරුවන් කිහිපදෙනෙකු මාර්ගයේ රැඳී සිටියදී, තම ව්‍යාපාරික ස්ථානයට ඉන් බාධා වන බවට චෝදනා කරමින් සැකකරු මෙලෙස දරුවන්ට පහර දෙන බවට තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සැලවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ උණවටුන සංචාරක පොලිස් මුරපොළේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හබරාදූව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔහු ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

