brand logo
logo
ජාතික පශු සම්පත් පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහන ඇරඹෙයි

ජාතික පශු සම්පත් පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහන ඇරඹෙයි

07 February 2026

ජාතික පශු සම්පත් පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහනෙහි සමාරම්භක වැඩසටහන අද (07) දින තිරප්පනේ සත්ත්ව අභිජනන ගොවිපලේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 


2025 වර්ෂයේ අගභාගයේදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පශු සම්පත් ක්ෂේත්‍රයට සිදු වූ හානිය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් පවතින සත්ත්ව ගහනය නිරෝගීව පවත්වා ගැනීම සඳහා ජාතික පශු සම්පත් පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහනක් ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතියෙන් හදිසි අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමේ සංරචකය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇත. 


පශු සම්පත් සත්ත්ව ගහනය නිරෝගීව පවත්වා ගැනීමට සහ බහුලව පවතින සත්ත්ව රෝග මැඩපැවැත්වීම සඳහා ජාතික වැඩපිළිවෙලක් ලෙස “පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහන "ආපදාවට ලක්වූ සියලුම පළාත් ආවරණය වන පරිදි දීප ව්‍යාප්තව නොමිලේ අද සිට කෘෂිකර්ම හා පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ඒකාබද්ධව දීප ව්‍යාප්තව සිදුකිරීමට නියමිතය.


මෙම අවස්තාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා, භාග්‍ය ශ්‍රී හේරත් මහතා, තිරප්පනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, කෘෂිකර් ම හා පශු සම්පත් ඉඩම් සහ වාරිමාර් ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) ආචාර්ය පාලිකා එස්. ප්‍රනාන්දු මහත්මිය හා අනුරාධපුර දිස්ත්‍රික් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු පශු වෛද්‍ය නිළධාරීන් හා ප්‍රදේශයේ කිරි ගොවීන් සහභාගී විය.


 

More News..