brand logo
logo
දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

13 January 2025

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි.


2025 වසරේ යෙදෙන පළමු පොහොය දිනය වෙනුවෙන්දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථානවල අද විශේෂ ආගමික වතාවත් සිදුවෙයි


බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.


සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත් නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ මිටක් ලබා දී ඇති අතර එම ධාතු නිදහන් කොට මහියංගණ චෛත්‍ය ඉදිකර ඇති බවත් ඉතිහාසයේ දැක්වේ.


බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පුජා කර ඇත්තේ ද දුරුදු පොහොය දිනකය.


 

More News..