brand logo
logo
වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් - 17ක් රෝහල් ගත කෙරේ

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් - 17ක් රෝහල් ගත කෙරේ

31 August 2026 | සිතාර ඉරාෂ් - වටවල


තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (31) උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.


තුවාල ලැබූ වතු කම්කරුවෙකු අප වාර්තාකරුට කියා සිටියේ, හැටන් පොලිස් වසමට අයත් වනරාජා වත්ත ඉහළ කොටසේ 7 වන තේ යායේ ගසක සහ ගලක් මත බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී ඒ අසළ වැඩ කරමින් සිටි තමන්ට පහර දුන් බවයි.


බඹර ප්‍රහාරයට ලක් වු පිරිස මුදා ගැනීමට දුමාරයක් ඇති කර උත්සහ කලද එම දුමාරය ඇති කල පිරිසටද බඹරුන් පහර දුන් බවයි බඹර ප්‍රහාරයට ලක් වූ වතු කම්කරුවෙකු කියා සිටියේය.


මේ දිනවල මධ්‍යම කදුකරයේ පවතින අයහපත් කාළගුණයත් සමග බඹරුන් ඇවිස්සෙන් බවයි වතු කම්කරුවන් කියා සිටියේය.

 

More News..