brand logo
logo
 ඉරාන යුද්ධය ගැන සාකච්ඡාවට සෞදි අරාබිය, තුර්කිය සහ ඊජිප්තුව හෙට පාකිස්ථානයට

ඉරාන යුද්ධය ගැන සාකච්ඡාවට සෞදි අරාබිය, තුර්කිය සහ ඊජිප්තුව හෙට පාකිස්ථානයට

28 March 2026


මාසයක් පුරා ඇදී යන ඉරාන යුද්ධය සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා පකිස්ථානය හෙට (29) සිට, සෞදි අරාබිය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවලට සත්කාරකත්වය සපයන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


ඒ අනුව මෙම සාකච්ඡාව හෙට සහ අනිද්දා (30) යන දෙදින තුළ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වේ. 


මෙම දෙදින සාකච්ඡා අතරතුර සිව් රටවල විදේශ අමාත්‍යවරුන් විසින් කලාපයේ පවතින නොසන්සුන්තා සමනය කිරීමේ උත්සාහයන් ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇති බව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී.


තුර්කි විදේශ අමාත්‍ය හාකන් ෆිදාන් ප්‍රකාශ කළේ, මෙම හමුව මගින් ගැටුම් සමනය කිරීම සඳහා වූ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට උත්සාහ කරන බවය. 


 

More News..