මහනුවර දිස්ත්‍රික්කයේ සර්වජන බලය ආසන සංවිධායකවරුන් පත් කරයි
09 April 2026
මහනුවර දිස්ත්‍රික්කයේ සර්වජන බලය ආසන සංවිධායකවරුන් පත් කරයි
09 April 2026
මහනුවර දිස්ත්‍රික්කයේ සර්වජන බලය ශක්තිමත් කිරීමේ වැඩසටහනක් යටතේ ආසන සංවිධායකවරුන් පත් කිරීම සාර්ථකව පසුගිය දින සිදු කෙරුණි.
මෙහිදී කුණ්ඩසාලේ, තෙල්දෙනිය , උඩුදුම්බර, පාතදුම්බර සහ යටිනුවර ආසන කිහිපයක් ආවරණය වන පරිදි නව සංවිධායකවරුන් සහ සම සංවිධායක වරුන් පිරිසක් සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අතින් පත්වීම් ලබාගත්හ.
ඔවුන්ට අදාළ ප්‍රදේශවල සර්වජන බලය ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම, ජනතාව සමඟ සම්බන්ධතා වර්ධනය කිරීම සහ පක්ෂයේ අරමුණු ගම්මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ වගකීම් එහිදි භාරදුනි.
නව සංවිධායකවරුන් අමතමින් සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර මහතා කියා සිටියේ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවාට ප්‍රායෝගික විසඳුම් සපයමින්, සමාජ සේවාවන් සහ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමත් සර්වජන සභා වැඩසටහන ගම්මට්ටමින් ක්‍රියාත්මක කරන ලෙසයි.
ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ සර්වජන බලය සංවිධාන ව්‍යුහය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරි දේශපාලන සහ සමාජීය කටයුතු සඳහා සූදානම් වීම මෙම පියවර මඟින් ඉලක්ක කරනු ලැබීය.
මෙම අවස්ථාවට සර්වජන බලය විධායක කමිටු සාමාජිකයින් ද එකව සිටියහ.

