brand logo
logo
 ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

22 August 2026


වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වූ අයිස් මත්ද්‍රව්‍ය ද සමග මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු වන බවය.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 150ක්ද පොලිස් භාරයට ගෙන ඇත.


පසුගිය වසරේ අගෝස්තු 13වනදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී 36 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.


 

More News..