brand logo
logo
සොනාල්ගෙන්  ශතකයක් සමඟින් වාර්තාවක්

සොනාල්ගෙන් ශතකයක් සමඟින් වාර්තාවක්

27 August 2026

ඉන්දියාවට එරෙහිව කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේදීද අගනා ශතකයක් රැස්කිරීමට සොනාල් දිනූෂ අද (27) සමත්විය.


සොනාල් මෙම තරගයේ පළමු ඉනිමේද ශතකයක් රැස්කිරීමට සමත්වූ අතර, ඒ අනුව ඔහු ඉනිම් දෙකෙහිම ශතක රැස්කිරීමට සමත්ව ඇත.


ඒ අනුව ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඉනිම් දෙකෙහිම ශතක රැස්කළ ලොව 101වැනි පිතිකරුවා ලෙස ඔහු වාර්තා අතරට එක්විය.


තවමමත් ටෙස්ට් තරග 5කට (ඉනිම් 9) පමණක් ක්‍රීඩාකර ඇති සොනාල්, ශතක 3ක් හා අර්ධ ශතක 5ක් රැස්කිරීමට සමත්ව සිටියි.

 

More News..