ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි
03 November 2026
ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි
03 November 2026
කතරගම සිට තලවකැලේ දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලී අද (03) අනතුරක් සිදු වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය.
උදෑසන 10:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑළිය හැටන් නානුඔය වටරවුම් මාර්ගයේ කිරිමැටිය ප්‍ර දේශයේදිය.
එළඹෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් කතරගම සිට තලවකැලේ නගරයේ ව්‍යාපාර කටයුතු සදහා නිමි ඇදුම් තොගයක් රැගෙන ගිය ලොරි රථයකුයි මෙසේ අනතුරට පත් වී ඇත්තේ.
ධාවනය වෙමින් තිබූ බොලරෝ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන බෑවුම් දෙසට ඇළ වී තිබියදී එම ලොරි රථයේ සිටි තිදෙනා ලොරි රථයෙන් පැන දිවි බේරා ගැනීමත් සමග ඇළවී තිබූ ලොරි රථය ප්‍රපාතයට පෙරලුණු බවයි එම ලොරි රථයේ පැමිණි පිරිස කියා සිටියේ.
අනතුරින් බොලරෝ ලොරි රථයට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇත.

