brand logo
logo
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට

මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට

17 September 2026



මට්ටක්කුලිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක ගැටීමෙන් ඊයේ (16) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් තිබේ.


අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයන් දෙදෙනෙකු සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔවුන් ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 15 සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කරයි.


ධාවනය වූ මෝටර් රථය මාර්ගයේ තිබූ ත්‍රීරෝද රථ 3ක් සහ යතුරුපැදි 4ක් එකපෙළට අනතුරට ලක්කර ඇති අතර, සිදුවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.


මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.


අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

More News..