brand logo
logo
  අමෙරිකාවෙන් ඉරානයේ ලාරක් දූපතට ප්‍රහාරයක්

අමෙරිකාවෙන් ඉරානයේ ලාරක් දූපතට ප්‍රහාරයක්

31 August 2026


ජූලි මාසයෙන් පසුව ප්‍රථම වතාවට අමෙරිකානු බලඇණි විසින් ඉරාන භූමියට ප්‍රහාරයක් එල්ල කර තිබේ.


ඉරානයේ ලාරක් දූපතේ පිහිටි ඉරාන රොකට් විදින දෙකක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.


ඇමෙරිකානු මධ්‍යම විධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ පිරිස් හෝමුස් සමුද්‍ර සන්ධිය වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන අයුරු නිරීක්ෂණය වීම නිසා මෙම හමුදාමය ක්‍රියාමාර්ගය ගත් බවය.


එමෙන්ම ජාත්‍යන්තර වෙළඳ නාවික මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


මෙම අමෙරිකානු ප්‍රහාරයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ඉරාන මාධ්‍ය තහවුරු කර ඇත.


එමෙන්ම මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවත් සුදුසු දඬුවම් දෙන බවත් ඉරාන හමුදා අනතුරු අඟවා තිබේ.


මේ අතර ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා ඉලක්ක වෙත ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කළ බවය.


කෙසේ වෙතත්, ජෝර්දාන සන්නද්ධ බලකායේ ප්‍රකාශකවරයා උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ තම ගුවන් සීමාවට ඇතුළු වූ ඉරාන මිසයිල අටක් සාර්ථකව විනාශ කර දැමූ බවය.


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය ජූලි අග භාගයේදී තාවකාලිකව අත්හිටුවන ලද හමුදා මෙහෙයුම්වලින් පසුව ඉරාන ඉලක්ක වෙත අමෙරිකාව එල්ල කළ පළමු ප්‍රහාරය මෙය වන අතර, මේ හේතුවෙන් පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින රාජ්‍යතාන්ත්‍රික සහ හමුදාමය නොසන්සුන්තාව තවදුරටත් දැඩි වී තිබේ.

 

More News..