QR කේතයට අදාළ ගැටලු බොහෝ ප්‍රමාණයක් විසඳා අවසන්
17 March 2026
QR කේතයට අදාළ ගැටලු බොහෝ ප්‍රමාණයක් විසඳා අවසන්
17 March 2026
ඉන්ධන බෙදා හැරීම සඳහා පනවා ඇති QR කේතයේ ගැටලු බොහෝ ප්‍රමාණයක් මේ වන විට නිරාකරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාගේ මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ මේ වන විට පුද්ගලයින් 10,000කට ආසන්න ප්‍රමාණයක් හැර අනෙකුත් සෑම පුද්ගලයෙකුම තමන්ට අදාළ QR කේතය මේ වන විටත් ලබාගෙන අවසන් බවය.
ඒ අනුව මේ වන විට ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් QR කේතය ලබා ගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම බොහෝ සුළු ප්‍රමාණයකට ලියාපදිංචියේදී ගැටලු පැන නැගී ඇති බවත් සඳහන් කළ ඒ මහතා පැවසුවේ බොහෝ ගැටලු නිරාකරණය කර ඇති බැවින් අදාළ QR කේතය ලබා ගැනීම සඳහා නැවත උත්සාහ කිරීමෙන් මෙම QR කේතය පහසුවෙන් ලබා ගත හැකි බවය.
"ඉතාම සුළු පිරිසක් ඉන්නවා අදත් කීපදෙනෙක් අපෙන් ඇහුවා එයාලට රෙජිස්ටර් වෙන්න බෑ කියලා. අපි කතා කළාම අපිට තේරිච්ච දේ තමයි ඊයේ තමයි ඔවුන් ඒක බලලා තියෙන්නේ අද දවසේ බලලා නෑ. ඉතිං අපි කියනවා අද දවසෙත් නැවත බලන්න සාමාන්‍යයෙන් පැයකට 30,000ක් තමයි අලුතින් රෙජිස්ටේෂන් එකට ඇතුල් වෙමින් තියෙන්නේ. අනිත් අයට එතකොට Error එකක් එනවා. නමුත් 30,000ක් සෑම පැයකම රෙජිස්ටර් වෙමින් තිබෙනවා. මොකද අපි දැන් සෑහෙන්න මේ ප්‍රශ්න විසඳලා තියෙන්නේ.
නව QR එකක් එන්නේ නෑ. අපි දත්ත මිලියන 2ක් විතර මැකුවා. දැන් ඉතාම සුළු පිරිසක් තමයි ඉන්ඇක්ටිව් කියලා පෙන්වන්නේ... ඉතිං ඒ සුළු පිරිස නැවත රෙජිස්ටර් වෙන්න බලන්න QR කෝටාව ඉවර වෙන්නේ මේ සතිය අවසානයේ ඉතිං QR එක හදාගෙන තමන්ට හිමි තෙල් ප්‍රමාණය ලබා ගන්න."
එමෙන්ම ඇතැම් පාර්ශ්වයන් සතුව පවතින වාහන සඳහා නීත්‍යානුකූලව ඊට අදාළ ලියකියවිලි මාරුවී නොමැති බවට වාර්තා වෙමින් පවතින බවත් ඒ සඳහාද නව වැඩපිලිවෙළක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බවද මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය.
ඒ මහතා පැවසුවේ ඒ අනුව පළාත් 9ට අදාළව දුරකථන අංක 09ක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් ඒ අනුව අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසුව QR කේතය ලබා ගැනීම සඳහා අවශ්‍ය පියරයන් සකසා දෙනු ඇති බවත්ය.
"සමහර අයගේ වාහනවලට අදාළ පොත නීත්‍යානුකූලව ට්‍රාන්සර් වෙලා නෑ. එතකොට ඒක කොහෙවත් දත්තයකට අහුවෙන්නේ නෑ. ඒ අය සඳහා අපි අද හවස ප්‍රකාශයට පත්කරනවා පළාත් 9ට අංක 9ක් ඒ අංක 9ට එවන්න ඕනේ මොනවාද කියලා අපි අද දැනුම්දෙනවා. ඔබේ අන්‍යතාවය තහවුරු කරන්න ඕනේ. ඒකට වට්සැප් කරපුවාම ඒ දත්ත පරීක්ෂා කරලා ඔබට නැවත සකස් කරලා දෙන්න පියවර ගන්නවා

