brand logo
logo
දරුවන්ගේ සාක්ෂි පටිගත කරන ඒකකවලට බාලගිරි

දරුවන්ගේ සාක්ෂි පටිගත කරන ඒකකවලට බාලගිරි

28 March 2026 | නිලන්ත මදුරාවල

අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම සඳහා ඒකක නවයක් පළාත් මට්ටමින් පිහිටුවීමට ජාතික ළමාරක්ෂක අධිකාරියට කැබිනට් අනුමැතිය ලබා දී මේ වන විට පස් වසරකට ආසන්න කාලයක් ගත වී තිබෙන නමුත් මේ දක්වා ආරම්භ කර ඇත්තේ ඒකක දෙකක් පමණි.


ක්‍රියාත්මකව පවතින්නේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ රාගම රෝහලේ ඒකක දෙක පමණි. මෙම ඒකක දෙකේ පසුගිය 2024 වසරේ දී සාක්ෂි වීඩියෝ පටිගත කිරීම් 205ක් කර තිබේ. අනුරාධපුරයේ හා ගාල්ලේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන ඒකකවලට අදාළ උපකරණ අවශ්‍යතාව සපුරා ගැනීමට අධිකාරියට මෙතෙක් හැකි වී නැත. පළාත් මට්ටමින් මෙම ඒකක පිහිටුවා සාක්ෂි පටිගත කිරීම් සිදුකර විමර්ශන කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවට මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ. මීට අමතරව අධිකාරියට ලැබෙන පැමිණිලිවලට අදාළ නඩු කටයුතුවල ප්‍රගතිය පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා සැලැස්මක් සකස් කර මාස තුනක් ඇතුළත ක්‍රියාත්මක කළ යුතු බවට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව පසුගිය 2024 වසරේ අප්‍රේල් මස නියෝගයක් ලබා දී තිබුණ ද එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව ද එම පරික්ෂණ වාර්තාව පෙන්වා දෙයි.


ඊට පිළිතුරු වශයෙන් අධිකාරිය සඳහන් කර ඇත්තේ රැස්කර ගන්නා තොරතුරු මහජන ප්‍රදර්ශනයට යෝග්‍ය වන ආකාරයට සකස් කිරීමෙන් පසු මහජන ප්‍රදර්ශනයට පියවර ගැනීමට අපේක්ෂා කරන බව ය.

 

More News..