brand logo
logo
ජාවා මුහුදේ අතුරුදන් වූ යාත්‍රාව සොයා ගැනේ

ජාවා මුහුදේ අතුරුදන් වූ යාත්‍රාව සොයා ගැනේ

13 September 2026



ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදු සීමාවේදී අද (13) උදෑසන අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනීමට එරට සෝදිසි සහ ගලවාගැනීමේ කණ්ඩායම් මේ වනවිට සමත්ව තිබේ.


ඒ අනුව මෙහෙයුම් කණ්ඩායම් විසින් මේ වනවිට මගීන් 103 දෙනෙකු මුදවාගැනීමට හැකිව තිබේ.


කෙසේ වෙතත් අනතුරින් එක් අයෙකු මියගොස් ඇති අතර, තවත් මගීන් 140 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සුරබයා නගරයේ සිට බන්ජර්මාසින් දක්වා ධාවනය වෙමින් තිබූ මෙම යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේදී එහි මගීන් 243 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව වාර්තා විය.


ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාත්‍රාව සමග පැවැති සියලු සන්නිවේදන සබඳතා බිඳවැටී තිබූ අතර, ඒ හේතුවෙන් බලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.


අතුරුදන් වූවන් සොයා තවදුරටත් පුළුල් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකය.

 

More News..