ෆ්ලොරිඩාවේ ජෙටියානා අනතුරක් - 9දෙනෙකු මියයයි
02 November 2026
ෆ්ලොරිඩාවේ ජෙටියානා අනතුරක් - 9දෙනෙකු මියයයි
02 November 2026
දකුණු ෆ්ලොරිඩාවේ ලියර්ජෙට් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ෆ්ලොරිඩාවේ ක්‍රෙස්හෙවන් අසල නේවාසික ප්‍රදේශයකදී ඊයේ (01) එරට වේලාවෙන් පස්වරු 12.50ට පමණ සිදුවූ මෙම ගුවන් අනතුරින් යානය තුළ සිටි සියලුම දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ගුවන්යානය ටෙක්සාස් හි ඔස්ටින්-බර්ග්ස්ට්‍රෝම් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගත වී බහමාස් හි උතුරු එලියුතරා ගුවන්තොටුපොළ වෙත ගමන් කරමින් සිටි බව FAA නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

