මූල්‍ය අර්බුදයකට ලක්වූ නෝර්වීජියානු ගුවන් සේවය සියලු ගමන් නවතී
27 November 2026
මූල්‍ය අර්බුදයකට ලක්වූ නෝර්වීජියානු ගුවන් සේවය සියලු ගමන් නවතී
27 November 2026
නෝර්වීජියානු අඩු වියදම් ගුවන් සේවයක් වන 'නෝර්ස් අත්ලාන්තික් එයාර්වේස්' (Norse Atlantic Airways) තීරණාත්මක මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති අතර, ඊට විසඳුම් සෙවීමේ පියවරක් වශයෙන් සිය සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබේ.
එමඟින් ද විසඳුමක් සොයා ගැනීමට නොහැකි වුවහොත් සමාගම බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරන බව එම ගුවන් සේවය සඳහන් කර ඇත.
මෙම ගුවන් සේවය ලන්ඩන් ගැට්වික්, රෝමය සහ ඔස්ලෝ ඇතුළු යුරෝපීය ගුවන් තොටුපළ ගණනාවක සිට දිගු දුර ගමන් මාර්ග සඳහා බෝයිං 787 වර්ගයේ ගුවන් යානා 12කින් සමන්විත ඇණියක් භාවිතා කරනු ලබයි.
ගුවන් ගමන් අත්හිටුවීමට පෙර, එම සමාගම විසින් ලන්ඩනයේ සිට ඔර්ලන්ඩෝ, කේප්ටවුන්, බැංකොක් සහ ෆුකෙට් යන ගමනාන්ත දක්වා ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ප්‍රචාරණය කර තිබුණි.


