අධිබලැති යතුරුපැදි 5ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
18 October 2026
අධිබලැති යතුරුපැදි 5ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
18 October 2026
යාපනය - කෝපායි, කල්යාන්කාඩු ප්රදේශයේදී නිවසක් තුළ සඟවා තිබූ අධිබලැති එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි 05ක් සහ ව්යාජ ලියාපදිංචි සහතික සකස් කළ සැකකරුවෙකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (17) දහවල් කාලයේදී යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 50ක් වන කල්යාන්කාඩු ප්රදේශයේම පදිංචිකරුවෙකි.
සැකකරු සතුව තිබී සොයාගත් අධිබලැති යතුරුපැදි සහ ව්යාජ ලියාපදිංචි සහතික සමඟ ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෝපායි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධයෙන් කෝපායි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.

