අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු තණමල්විලදී අත්අඩංගුවට
12 September 2026
අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු තණමල්විලදී අත්අඩංගුවට
12 September 2026
නිවාස බිඳීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අවේක්ෂණ හා විමර්ශන ඒකකය විසින් තණමල්විලදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු රාජගිරිය ප්‍රදේශයේ නිවසක් බිඳ එහි සිටි කාන්තාවකගේ ජංගම දුරකථනයක් සොරකම් කර ඇත.
එමෙන්ම එම දුරකථනය හරහා ඇය නිදා සිටින අයුරු වීඩියෝගත කර එහි ඇති දුරකතන අංක වෙත යොමුකර ඇති බවද සඳහන්.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු නිවසෙහි වූ රුපියල් 25,000ක මුදලක්ද සොරකම්කර පළාගොස් ඇති බවය.
කෙසේවෙතත් මේ පිළිබඳව වැලිකඩ පොලිසියට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව එහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනයකිවන් පසු සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

