කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තෙවැනි දිනය දිලිත්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
27 September 2026
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තෙවැනි දිනය දිලිත්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
27 September 2026
27 වන වතාවටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මෙසේ පැවසීය.
"27 වැනි වතාවටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඉස්සෙල්ලම සුබ පතමි. විශේෂයෙන්ම පාඨකයෙක් හැටියට මගේ ඒ සුබ පැතුම් එක් කරනවා. ඒ වගේම මම හිතනවා ලංකාවේ තියෙන එක මිත්‍යාවක් ලංකාවේ මිනිස්සු පොත් කියවනවා අඩු වෙලා, පොත් කියවන්නේ නැහැ කියන එක. ඒ මිත්‍යාව බිඳින්නට හොඳ උදාහරණයක් තමයි මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය.
මම දැකලා තියෙනවා පොත් ප්‍රදර්ශනය ගැන විවේචන ඉදිරිපත් කරන අය කියලා තිබෙනවා සමහරු මේ පොත් ගන්න නෙමෙයි එන්නේ නූඩල්ස් කන්න කියලා. නමුත් ඇත්තටම මේ දත්ත වලින් පෙනී යන්නේ ඒ කාරණය නෙමෙයි. 2000 දී විතර මේ පොත් ප්‍රදර්ශනය ආරම්භ වන කාලයේ එක පොතක් විකුණන්නට පුළුවන් වුණේ ලංකාවේ වැඩිම පොත, වැඩියෙන්ම අලෙවි වුණු පොත විකුණලා තිබුණේ පිටපත් 1,000 ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක්. දැන් මේ වන විට, විශේෂයෙන්ම ස්වර්ණ පුස්තක සම්මාන ලබා ගන්නා පොත්, ඒ වගේම ඒ ප්‍රබන්ධ, නවකතා, වෙනත් ශාස්ත්‍රීය ග්‍රන්ථ වල පිටපත් විශාල ප්‍රමාණයකින් විකිනෙනවා; බොහෝ විට එය 25,000 ඉක්මවා යන මට්ටමට පත් වෙලා තියෙනවා.
ඒ වගේම පාඨකයින් අතරේ, පොත්පත් කියවීමේදී තාරුණ්‍යය සමාජ මාධ්‍ය ඔස්සේ පොත්පත් කියවනවාය එහෙම නැත්නම් දැනුම ලබා ගන්න උත්සාහ කරනවාය, ඒ නිසා මුද්‍රිත පොත් වල ජනප්‍රියභාවය අඩු වෙලාය කියන එකත් මිත්‍යාවක් බව තහවුරු වෙනවා මෙම පොත් ප්‍රදර්ශනය සහ පොත් ප්‍රදර්ශනයට ලැබෙන මේ තාරුණ්‍යයේ ආකර්ෂණයත් එක්ක. ඒ වගේම මේ නිකන්ම නිකන් නෙමෙයි මේ තාරුණ්‍යය ඇවිල්ලා තියෙන්නේ. මේ දත්ත බැලුවාම මොනවාද විකිණිච්ච පොත් කියලා, ඔවුන් ඉතාම උනන්දුවෙන් කියවන බවත්, ඒ කියවීම මම හිතන්නේ නැහැ ලංකාවේ මිනිස්සු අතහැරලා තියෙනවා කියලා.
අපි ඉස්සෙල්ලම අන්න ඒ මිත්‍යාව අයින් කරලා දාන්නට ඕන මේ පොත් කියවන්නේ නැහැ කියලා. ඒ වගේම කියවන්නට ඕන දීර්ඝ කාලයක් තිස්සේ පොත් කියවන, ඒ වගේම ඊට සමාන්තරව සමාජ මාධ්‍ය මගින් මේ දැනුම ලබා ගන්නා පුද්ගලයෙක් හැටියට මේ පොතෙන්, මුද්‍රිත පොතකින් ලබා ගත හැකි දැනුම සහ ඒ දැනුම මනසෙහි සංරක්ෂණය කර ගැනීම සහ එය විඳීම මුද්‍රිත පොතෙන් කරන වැඩේ සමාජ මාධ්‍ය වල තියෙන ඔය පොඩි ස්ක්‍රීන් (screen) එකෙන් කරන්න බැරි බව.
ඉතින් ඒ නිසා මම දන්නවා ක්ෂේත්‍රය, විශේෂයෙන්ම මෙම සංවිධායක කමිටුව විශාල කැප කිරීමක් කරලා තමයි මෙය සංවිධානය කරන්නේ. මේ කැප වීමත් එක්ක, මේ ප්‍රකාශකයින්ගේ තියෙන ඒ දැක්මත් එක්ක කවදාකවත් මේක නම් අඩු වෙන්නේ නැති බව. ඉතින් නැවත වතාවක් සුබ පතනවා, විශේෂයෙන්ම අපේ මිත්‍රයින්, සංවිධායක කමිටුව මේ කරන ලද කැප කිරීමට. මම හිතන්නේ ඒක අපේ මව්බිමට විශාල ආශීර්වාදයක්. මොකද ලෝකයේ අතිශය දුර්ලභ රටක් අපි සාක්ෂරතාවය අතින් හා දැනුම අතින් ගත්තාම. ඉතින් ඒ පෝෂණය කිරීම සඳහා, සුපෝෂණය කිරීම සඳහා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කිරීමෙහිලා වසරක් පාසා කරන මේ කැප කිරීම නැවත වරක් අගය කරනවා.

