brand logo
logo
අග්‍රාමාත්‍යවරියගේ දීපාවලී සුබ පැතුම

අග්‍රාමාත්‍යවරියගේ දීපාවලී සුබ පැතුම

08 November 2026


දීපාවලී උත්සවය අන්‍යෝන්‍ය අවබෝධය, සංහිඳියාව සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කරගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.


දීපාවලී උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබේ.


අන්ධකාරය පරදා ආලෝකය උදා කිරීමත්, නපුරට එරෙහිව යහපත ජයගැනීමත් සංකේතවත් කරන දීපාවලී උත්සවය ආධ්‍යාත්මික ශුද්ධියෙන් පිරි මංගල්‍යයක් බව ඇය පෙන්වා දෙයි.


පහන් දැල්වීමෙන් නිවෙස් ආලෝකවත් වනවා සේම, මිනිස් සිත් තුළ පවතින ද්වේෂය, ඊර්ෂ්‍යාව සහ අඥානකම නමැති අන්ධකාරය දුරු කරමින් ප්‍රඥාවේ හා කරුණාවේ ආලෝකය දැල්වීමට මෙම උතුම් දිනය කදිම අවස්ථාවක් සලසා දෙන බව ද අග්‍රාමාත්‍යවරිය සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත.


ශ්‍රී ලංකාව වැනි බහුජාතික හා බහුආගමික රටක විවිධත්වයෙන් අනූන සංස්කෘතික බැඳීම් ශක්තිමත් කරගනිමින්, ජාති ආගම් භේදයකින් තොරව එකම මව්බිමක් ලෙස ඉදිරියට යාමට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු බව ද ඇය අවධාරණය කර තිබේ.


දීපාවලී දිනය ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී සියලු හින්දු භක්තිකයන්ට සතුට, සාමය, සෞඛ්‍යය සහ සමෘද්ධිය පිරි දිනයක් වේවායි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සිය සුබ පැතුම් පණිවුඩය මගින් ප්‍රාර්ථනා කර ඇත.


 

More News..