brand logo
logo
 Visa සමාගම 'Click to Pay' ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Visa සමාගම 'Click to Pay' ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

17 June 2026


පාරිභෝගිකයින් සඳහා සුරක්ෂිත, බාධාවකින් තොර සහ වඩාත් පහසු ඩිජිටල් වාණිජ අත්දැකීමක් ලබාදීමේ වැදගත් පියවරක් තබමින්, Visa සමාගම මෙරට තුළ ‘Click to Pay’ සේවාව අද දින සිට ආරම්භ කරන බව නිවේදනය කළේය. ‘Click to Pay’ මඟින් විවිධ වූ පහසුකම් සලසා දෙමින්, අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ගෙවීම් පියවීමේ (checkout) අත්දැකීම විශාල ලෙස ඉහළ නංවයි.


පාරිභෝගිකයින්ට කිසිදු බාධාවකින් තොරව වඩාත් වේගවත් සහ සුරක්ෂිත ලෙස මිල දී ගැනීම් සිදුකිරීමට අවස්ථාව ලැබීම, වෙ‍ෙළඳුන්ට සාර්ථක ගෙවීම් ප්‍රතිශතයන් සහ පාරිභෝගික පරිවර්තන (customer conversions) ඉහළ නංවා ගැනීමට හැකිවීම මෙන්ම කාඩ්පත් නිකුත් කරන බැංකු වෙතින් කාඩ්පත් භාවිතය තවදුරටත් දිරිගැන්වීම වැනි පහසුකම් මේ හරහා හිමිවනු ඇත.


ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් වාණිජ්‍යය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින පසුබිමක, වේගවත්, සරල මෙන්ම සුරක්ෂිත ගෙවීම් අත්දැකීමක් සඳහා පාරිභෝගිකයින් මෙන්ම ව්‍යාපාර ද ඉහළ වටිනාකමක් ලබා දෙයි. කෙසේ වෙතත්, අන්තර්ජාල ගෙවීම් ක්‍රියාවලියේ වැදගත් පියවරක් වන වෙබ් අඩවි සහ ඇප්ස් (apps) හරහා සිදුකරන 'ලියාපදිංචි නොවූ පාරිභෝගික ගෙවීම්' (guest checkout) ක්‍රියාවලිය, බොහෝ විට සංකීර්ණ ස්වභාවයක් ගනී. කාඩ්පත් විස්තර නිතර ඇතුළත් කිරීමට සිදුවීම, පෝරම රාශියක් පිරවීමට සිදුවීම සහ නැවත නැවතත් සිදුකරන සත්‍යාපන පියවර (repeated authentication steps) හේතුවෙන් ගනුදෙනු ප්‍රමාද වන අතර, එය පාරිභෝගිකයින් මිල දී ගැනීම් අතරමග නතර කිරීමට හෝ ඉන් ඉවත් වීමට හේතුවනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වන අතර වෙ‍ෙළඳුන්ට ව්‍යාපාරික අවස්ථා ද අහිමි වේ.


‘Click to Pay’ සමඟින්, පාරිභෝගිකයින්ට මෙම සේවාවට සම්බන්ධ වෙ‍ෙළඳ වෙබ් අඩවියක් හෝ ඇප් එකක් හරහා ප්‍රථම වරට ගෙවීමක් සිදු කිරීමේදී, එක් වරක් පමණක් සිදුකළ යුතු සරල සැකසුමකින් (one-time setup) පසුව මෙම සේවාව භාවිත කළ හැකිය. තමන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනය හෝ ජංගම දුරකථන අංකය පමණක් භාවිත කරමින්, පියවර කිහිපයකින් තම Visa කාඩ්පත සුරක්ෂිතව ලියාපදිංචි කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ. 


ඉන්පසුව සිදුකරන මිල දී ගැනීම් සඳහා, පාරිභෝගිකයින්ට තමන් සුරැකි කාඩ්පත් විස්තර වෙත ක්ෂණිකව ප්‍රවේශ වීමටත්, කැමති කාඩ්පත තෝරාගෙන සෑම අවස්ථාවකදීම නැවත නැවතත් කාඩ්පත් විස්තර ඇතුළත් කිරීමකින් තොරව, ක්ලික් කිරීම් කිහිපයකින් ගනුදෙනුව සම්පූර්ණ කිරීමටත් අවස්ථාව සැලසේ. One time passwords වැනි දැනට පවතින සත්‍යාපන ක්‍රමවේදයන් හරහා අවශ්‍ය පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් සෑම ගනුදෙනුවකම සුරක්ෂිතභාවය තහවුරු කෙරේ.


‘Click to Pay’ හි ප්‍රධානතම අවධානය යොමුව ඇත්තේ ආරක්ෂාව පි‍ළිබදවයි. මෙම ක්‍රමවේදය සැලසුම් කර ඇත්තේම Tokenised තාක්ෂණයෙනි. මෙහිදී සිදුවන්නේ, ගෙවීමක් සිදුකරන විට කාඩ්පතේ ඇති සංවේදී තොරතුරු පද්ධතිය හරහා සෘජුවම ගමන් කිරීම සිදු නොවන අතර, පසුබිම් පද්ධතිය (back-end) තුළදීම ඒවා වෙනුවට ආරක්ෂිත digital tokens ආදේශ කරනු ලබයි. මෙමඟින් සැබෑ කාඩ්පත් අංකය කිසිවෙකුට නොපෙනී රහසිගතව පවතින බැවින්, මූල්‍ය වංචා සිදුවීමේ අවදානම වැළකෙන අතර ගෙවීම් කාර්යක්ෂමතාව ද ඉහළ යයි.


මේ පිළිබඳව අදහස් දක්වමින් Visa හි ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකාරිණී අවන්ති කොළඹගේ මහත්මිය ප්‍රකාශ කර සිටියේ, භාණ්ඩ මිල දී ගැනීම සහ ගෙවීම් සිදුකිරීම සඳහා ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් ඩිජිටල් ක්‍රමවේද වෙත යොමුවන බැවින්, ඔවුන් වෙනුවෙන් වඩාත් විශ්වසනීය, සුරක්ෂිත මෙන්ම බාධාවකින් තොර ගෙවීම් අත්දැකීමක් සලසා දීම අතිශයින්ම වැදගත් වන බවයි. ‘Click to Pay’ හරහා අන්තර්ජාල ගෙවීම් සරල සහ ආරක්ෂිත කිරීම මඟින් පාරිභෝගිකයින් වඩාත් පහසුවෙන් ඩිජිටල් ගෙවීම් ක්‍රියාවලිය සමඟ සම්බන්ධ කිරීමට Visa සමාගම සහාය වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


ගෙවීම් පියවීමේ ක්‍රියාවලියට tokenization තාක්ෂණය සම්බන්ධ කිරීම මඟින්, ගෙවීම් ක්‍රියාවලිය තුළ කාඩ්පත්වල සංවේදී දත්ත නිරාවරණය වීම අවම වනවා. එමඟින් පාරිභෝගිකයින්ට සෑම අන්තර්ජාල මිල දී ගැනීමක්ම ආරක්ෂිතව සහ කිසිදු බාධාවකින් තොරව සිදුකිරීමට හැකිවනවා. මෙය මෙරට ඩිජිටල් ගෙවීම් පරිසර පද්ධතියේ අඛණ්ඩ වර්ධනයට සහාය දක්වමින්,මෙය මෙරට තුළ ගෙවීම් ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා Visa සමාගම තැබූ සුවිශේෂි පියවරක් වනු ඇත.


Visa Inc. පිළිබඳව


Visa (NYSE: V) යනු ඩිජිටල් ගෙවීම් ලෝකයේ දැවැන්තයෙකු වන අතර, රටවල් සහ භූමි කලාප 200කට වැඩි සංඛ්‍යාවක පාරිභෝගිකයින්, වෙළෙදුන්, මූල්‍ය ආයතන, සහ රාජ්‍ය ආයතන අතර ගනුදෙනු පහසු කරනා බලවත් ආයතනයකි. අපගේ මෙහෙවර වන්නේ, ලොව වඩාත් නව්‍ය, පහසු, විශ්වාසදායක, සහ ආරක්ෂිත ගෙවීම් ජාලයක් හරහා ලෝකය සම්බන්ධ කිරීමයි. එමඟින් පුද්ගලයින්, ව්‍යාපාර, සහ ආර්ථිකයන් සාර්ථකත්වයට පත්වීමට ශක්තිය ලබා දීමයි. සෑම තැනකම සිටින සෑම කෙනෙකුම ඇතුළත් වන ආර්ථිකයන් සෑම තැනකම සිටින සෑම කෙනෙකුම උසස් කරන බවත්, මුදල් ප්‍රවාහයේ අනාගතය සඳහා ප්‍රවේශය මූලික කරුණක් බවත් අප විශ්වාස කරමු. වැඩි විස්තර සඳහා Visa.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

 

More News..