brand logo
logo
Nutriline වෙතින් දේශීය බඩඉරිඟුවල පෝෂණ ගුණය උදෑසන ආහාර මේසයට රැගෙන එයි

Nutriline වෙතින් දේශීය බඩඉරිඟුවල පෝෂණ ගුණය උදෑසන ආහාර මේසයට රැගෙන එයි

05 November 2026

දේශීය අමුද්රව්ය හරහා කෘෂිකාර්මික අගය වැඩිදියුණු කරමින්, ආහාර නිෂ්පාදනය පාරිභෝගික අවශ්යතා සපුරාලයි.


කොළඹ, ශ්රී ලංකාව, 2026 නොවැම්බර් 04: CBL සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Plenty Foods (Pvt) Limited විසින් සිය උදෑසන ආහාර නිෂ්පාදන සන්නාමය වන, Nutriline ධාන්යමය ආහාර නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින්, නවතම Nutriline Corn Flakes නිෂ්පාදනය වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. 100%ක්ම දේශීයව වගා කරන ලද බඩඉරිඟු යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම නවතම උදෑසන ආහාරය මඟින් පාරිභෝගිකයින්ට ඉහළ පෝෂණයක් ලබා දෙන අතරම, දේශීය කෘෂිකර්මාන්තයට සහ ඒ ආශ්රිත ගොවි ප්රජාවගේ ජීවනෝපායන් ඉහළ නංවාලීමට CBL සමූහය දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු වේ.


මෙම නව නිෂ්පාදනය හඳුන්වාදීම සම්බන්ධයෙන් CBL ආහාර අංශයේ අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී මංජුල දහනායක මහතා මෙසේ අදහස් පැවසීය. ''CBL සමූහය සැමවිටම විශ්වාස කරන්නේ ජන ජීවිතයට සහ සමාජයට යහපත් බලපෑමක් ඇති කරන ආහාර සංස්කෘතියක් බිහිකිරීමටයි. අපගේ නිෂ්පාදන දෛනිකව පාරිභෝගිකයා වෙත සමීප කරමින්, එම ව්යාපාරික මෙහෙවරෙහි සැබෑ ප්රතිලාභ රැගෙන අප 'ගොවි පවුල' වැනි සුවිශේෂී ව්යාපෘති හරහා දේශීය ගොවි ජනතාවට සහ කෘෂිකර්මාන්තය මත යැපෙන 21,000කට අධික ගොවි පවුල් ප්රමාණයක් සවිබල ගැන්වීමට කටයුතු කරනවා. නවතම Nutriline Corn Flakes යනු මෙම දැක්ම මත පදනම්ව නිෂ්පාදනය කෙරුණු තවත් නිෂ්පාදනයක්. 100%ක්ම දේශීයව සපයා ගන්නා ලද බඩඉරිඟු භාවිතයට ගනිමින් දේශීය කෘෂි අස්වැන්න, පාරිභෝගිකයාගේ දෛනික පෝෂණ අවශ්යතාව ඉටු කරන ගුණාත්මක නිෂ්පාදනයක් සමගින් එකතු කිරීමට අපට හැකි වී තිබෙනවා.''


අලුතින් හඳුන්වා දුන් Nutriline Corn Flakes නිෂ්පාදනයට, අමතර වර්ණක හෝ රසකාරක කිසිවක් අඩංගු කර නොමැති අතර එය ඉහළ යකඩ පෝෂක හා ප්රෝටීන් මෙන්ම අත්යවශ්ය විටමින් වර්ග 10ක පෝෂණ ගුණයකින් සමන්විත වේ. පාරිභෝගිකයින් හට සිය අවශ්යතාවයන්ට ගැළපෙන අයුරින්, විවිධ ප්රමාණයන්ගෙන් සහ සහනදායී මිල ගණන් යටතේ නිෂ්පාදනය කර ඇති Nutriline Corn Flakes දිවයින පුරා පිහිටි සියලුම වෙළෙඳසැල්වලින් මිලදී ගත හැකිය.


මේ පිළිබඳව අදහස් දක්වමින් CBL ආහාර අංශයේ, අලෙවි සාමාන්යාධිකාරිනී සචි ප්රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය.'' කාර්යබහුල දෛනික ජීවන රටාව හේතුවෙන් ශ්රී ලාංකික පාරිභෝගිකයන්ගේ උදෑසන ආහාර පුරුදු වෙනස් වෙමින් පවතිනවා. විශේෂයෙන් දරුවන්ගේ පාසල් කටයුතු, වැඩිහිටියන්ගේ රැකියා සහ අනෙකුත් උදෑසන වගකීම් සමබරව කළමනාකරණය කරන පවුල්වල අවශ්යතා සැලකිල්ලට ගනිමින් Nutriline Corn Flakes වෙළෙඳපොළට හඳුන්වා දීමට අප පියවර ගනු ලැබුවා. පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන්ට ගැළපෙන සෞඛ්ය සම්පන්න හා පෝෂ්යදායී ආහාර විකල්ප සඳහා පවතින ඉල්ලුම නිවැරදිව හඳුනාගනිමින්, දේශීය වටිනාකම්ද වැඩිදියුණු කරමින් නිපදවා ඇති Nutriline Corn Flakes තත්පර කිහිපයකින් ඉතා පහසුවෙන් සූදානම් කරගත හැකි පෝෂ්යදායී උදෑසන ආහාරක්.''


වසර 11කට වැඩි කාලයක් පුරා ශ්රී ලංකාවේ උදෑසන ධාන්යමය ආහාර නිෂ්පාදන කාණ්ඩය තුළ විශ්වාසය දිනාගත් Nutriline සන්නාමය, මේ වන විට බහු ධාන්යමය සීරියල් වර්ග, Rolled Oats සහ Instant Oats ඇතුළු නිෂ්පාදන රැසකින් සමන්විත වේ. නවතම Nutriline Corn Flakes හඳුන්වාදීමත් සමඟ එම නිෂ්පාදන පරාසය තවදුරටත් පුළුල් කරමින්, කාර්යබහුල ජීවන රටාවකට ගැළපෙන, පෝෂ්යදායී සහ පහසුවෙන් සකස් කරගත හැකි තවත් උදෑසන ආහාර විකල්පයක් තෝරාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසී තිබේ. එමෙන්ම, CBL සමූහයේ නිෂ්පාදන සඳහා දේශීයව සපයා ගන්නා කෘෂි අස්වනු භාවිතය තවදුරටත් පුළුල් කිරීමට ද මෙය දායක වේ.


 CBL සමූහය පිළිබඳව:


1968 වසරේදී ආරම්භ කරන ලද CBL සමූහය, ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමූහයක් වන අතර, බිස්කට්, චොකලට්, ධාන්යමය ආහාර, පහසු ආහාර නිෂ්පාදන, පොල් ආශ්රිත නිෂ්පාදන ඇතුළු විවිධ ආහාර කාණ්ඩ ඔස්සේ සිය ව්යාපාරික කටයුතු සහ පාරිභෝගික සන්නාම රැසක් හඳුන්වාදී ඇත. Munchee, Ritzbury, Revello, Tiara, Samaposha, Nutriline, Lanka Soy සහ Sera එම සමූහය සතු සන්නාම කිහිපයකි.


ශ්රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ද සිය නිෂ්පාදන මෙහෙයුම් පවත්වාගෙන යන CBL සමූහය, රටවල් 65කට අධික සංඛ්යාවකට සිය නිෂ්පාදන බෙදාහරිමින් ජාත්යන්තර වෙළෙඳපොළ තුළ සිය පැවැත්ම තහවුරු කර ඇත. ආහාර නිෂ්පාදනය පිළිබඳ විශේෂඥ දැනුම, ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ වගකීම්සහගත අමුද්රව්ය සපයාගැනීම පිළිබඳ කැපවීම සමගින් සමූහය සිය මෙහෙයුම් ක්රියාත්මක කරයි. ගොවි ප්රජාවන් සමග සබඳතා පවත්වාගෙන යාම, දේශීය නිෂ්පාදන කටයුතු සඳහා ආයෝජනය කිරීම සහ ප්රජා කේන්ද්රීය ව්යාපෘති ක්රියාත්මක කිරීම තුළින් පාරිභෝගිකයන්ට, සේවකයන්ට, කෘෂිකාර්මික ප්රජාවන්ට මෙන්ම සමස්ත ආර්ථිකයට ද දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම CBL සමූහයේ අරමුණයි.

 

More News..