Best News Website award
brand logo
logo
ගතවූ පැය 24 තුළ සිදුවූ යතුරුපැදි අනතුරු තුනකින් තිදෙනෙකු මරුට

ගතවූ පැය 24 තුළ සිදුවූ යතුරුපැදි අනතුරු තුනකින් තිදෙනෙකු මරුට

22 November 2026


ගතවූ පැය 24ක කාලය තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ යතුරුපැදි අනතුරු තුනකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබේ.


පොලීසිය පැවසුවේ කෑගල්ල ප්‍රදේශයේදී බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් පළමු අනතුර සිදුව ඇති බවයි.


අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි මැණික්කඩවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


මේ අතර, පලෙයි ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබේ.


අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ ඔහුගේ දරුවා පලෙයි රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී යතුරුපැදිකරු මියගොස් ඇත.


මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි පලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම, වැල්ලව, කහටපිටිය හන්දිය ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදිකයෙකු යතුරුපැදියක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබේ.


අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.


මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි මීගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.


අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 

More News..