සිරගතකළ භික්ෂුවක් එළියට වැඩම කිරීමේදී චීවරය දරා සිටීමට අවසර
14 October 2026
සිරගතකළ භික්ෂුවක් එළියට වැඩම කිරීමේදී චීවරය දරා සිටීමට අවසර
14 October 2026
බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒමේදී චීවරය පැළඳීමට පූර්ණ අවසර හිමි බවත්, අදාළ නිකායෙන් එසේ නොකරන ලෙස දන්වන තුරු එම අයිතිය පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කරන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳ මාධ්ය වෙත විශේෂ ප්රකාශයක් සිදුකරමින් අමාත්යවරයා මේ බව පැවසීය.
එමෙන්ම බන්ධනාගාර නීති යාවත්කාලීන කමිටු නිර්දේශ අනුව නිත්ය නියෝග '356'වෙනුවට 356 (අ) ලෙස සංශෝධනයක් සහ 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනයට අතුරු විධානයක් අදාළ කමිටුව විසින් යෝජනා කර ඇත.
අදාළ නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්ය නියෝග සංශෝධනය කරන ලෙස උපදෙස් ලබා දුන් බවද හෙතෙම පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්යවරයා,
"බන්ධනාගාර නිත්ය නියෝග 356 සංශෝධනය කර 356 'අ' ලෙස කොටසකුත්, 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයක් යෝජනා කර තිබෙනවා.
ඒ අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී එම සිරකරු එතෙක් හැද සිටි ස්වකීය සිරකරු ඇඳුම ඉවත්කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී ක්රියාමාර්ග ගැනීම සඳහා දින 10ක කාලයක් ලබාදී තිබේ බන්ධනාගාර කොමසාරිස්ට.
වෙනත් ආගමක පූජ්ය පක්ෂයේ කෙනෙකු සිරකුරුවෙකු වුණොත් මේ ප්රතිපාධන අදාළ ලෙස වෙනස්කරගමින් එයට අදළ කරගත යුතු වෙනවා.
එමෙන්ම නිත්ය නියෝග 550 අලුතින් කොටසක් එකතුවෙලා සංශෝධනයක් එනවා.
ඒ අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් එළියට රැගෙන යනවා නම් එවන් අවස්ථාවක චීවරය පැළද සිටීමට සම්පූර්ණ අවසරය ලබාදෙනවා.
ඒ අවසරය දිගටම පවතිනවා ස්වාමින් වහන්සේ අයත් නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුම්දීමක් ලැබෙන තුරු.
මෙන්න මේ දෙක තමයි මූලිකවම මේ සංශෝධනයේ හරය වන්නේ. මේ වනවිට මා විසින් ඒ සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තාවක්, ලිපියක් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත යවා තිබෙනවා" යැයි පැවසීය.

