brand logo
logo
පාසල් දරුවන්ටත් ව්‍යාපාරික දැනුම

පාසල් දරුවන්ටත් ව්‍යාපාරික දැනුම

09 October 2023 | කමල් සුරවීර - මහනුවර

පාසල් දරුවන්ට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැනුම ලබාදීමේ අරමුණින් පාසල් 5000 ක ව්‍යවසායකත්ව කව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ පවසයි.


ඒ අනුව අදාළ වැඩපිළිවෙළ දැනට පාසල් 300ක ක්‍රියාත්මක වෙමින් පවතින අතර එමගින් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යෑම ඇතුළු කරුණු සම්බන්ධව පාසල් දරුවන් දැනුවත් වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.


මහනුවර බෝගම්බර පරණ බන්ධනාගාර පරිශ්‍රයේදී පසුගිය 06 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවති මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.


මේ ආකාරයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම මෙරටට ආගන්තුක වුවද මෙම තත්ත්වය බොහෝ විදෙස් රටවල මේ වන විට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන බවද හෙතෙම කීවේය.


ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස පසුගිය වසරේදී ඩොලර් බිලියන 13 දශම 1ක් උපයා ගැනීමට හැකි වූ බවත් විදුලිය, තෙල්, ගෑස් නොමැති කාලයක ඔවුන් කළ එම කැපවීම සම්බන්ධයෙන් ඇමැතිවරයා එහිදී අගය කළේය.

 

More News..