වසර 9කට පසු කතෝලික සභාව යළි රැස්වෙයි
22 May 2026
වසර 9කට පසු කතෝලික සභාව යළි රැස්වෙයි
22 May 2026
කතෝලික සභාව සහ රජය අතර සාකච්ඡාවක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
ඒ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සම සහාපතිත්වයෙනි.
ඊට එක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ, කිසිදු භේදයකින් තොරව සියලුම සිසුන්ට තමාගේ ආගම ඉගෙනීමට තිබෙන අවස්ථාව තහවුරු කිරීම තම අපේක්ෂාව බවත්, අධ්‍යාපන කේෂ්ත්‍රයේ ඇතිව තිබෙන තත්ත්ව නිරාකරණය කර ගත යුතු බවත්ය.
රජයට පවරා ගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු, කතෝලික ධර්මය සඳහා ගුරු කාර්යය මණ්ඩල ක්‍රමවේදයක් සකස් කිරීම, ගුරු වෘත්තීය සඳහා කතෝලික පූජක සොහොයුරියන් සහ පියතුමන්ලා බඳවා ගැනීමේ අවශ්‍යතාව මෙන්ම රජයට පවරා ගත් කතෝලික පාසල්වල කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා කර තිබේ.
කතෝලික සභාව සමඟ පවත්වන සාකච්ඡා වසරකට තෙවරක් පැවැත්වීමට සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා එහි ලේකම් ලෙස කටයුතු කිරීමටත් මෙහිදී තීරණයවී තිබේ.
අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරු හිමිපාණන්, අතිඋතුම් ක්‍රිස්ටි නොයෙල් එම්මානුවෙල් රදගුරු හිමිපාණන්, අතිඋතුම් ඇන්ටන් රංජිත් රදගුරු හිමිපාණන්, අතිඋතුම් විමල් සිරි ජයසූරිය රදගුරු හිමිපාණන් ඇතුළු කතෝලික සභාවේ සාමාජික පියතුමන්ලා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

