brand logo
logo
කහව හන්දියේ අපරාධයක් කිරීමට සූදානම් වූ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

කහව හන්දියේ අපරාධයක් කිරීමට සූදානම් වූ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

25 September 2026

වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීටියාගොඩ පොලීසිය සමත්ව ඇත.


මේ මස ඉකුත් 21වැනිදා අම්බලන්ගොඩ, කහව හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ පිස්තෝල අවියකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධයට සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.


මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (24) උදෑසන බටපොල පොලිස් වසමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 19 හා 22 වයස්වල පසුවන අළුත්වල හා මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.


සැකකරුවන් අපරාධය සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු හා වෙඩික්කරු වශයෙන් ක්‍රියාකල සැකකරුවන් බවට අනාවරණය වී ඇති අතර, වෙඩිතැබීම සඳහා යොදා ගත් පිස්තෝල අවිය, එම ජීව පතරොම් 10ක්, සැකකරුවන් පැමිණි යතුරුපැදිය හා ඔවුන් පැළඳ සිටි ආරක්ෂිත හිස්වැසුම් 02ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.


සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

More News..