brand logo
logo
වටවලදී වාහනයක ගැටී හඳුන් දිවියෙක් මියයයි

වටවලදී වාහනයක ගැටී හඳුන් දිවියෙක් මියයයි

19 October 2026 | මනුර සුදත් සෙල්ලහේවා-හැටන්


හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදි හදුන් දිවියකු වාහනයක ගැටිමෙන් මිය ගොස් ඇත.


මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ඊයේ (18)හැටන්

කොළඹ මාර්ගයේ වටවල ප්‍රදේශයේදි ධාවනය වෙමින් තිබු යම් වාහනයක ගැටිමෙන් හොදින් වැඩුනු හදුන් දිවියකු මිය ගොස් ඇති බවත්ය.


මෙම ප්‍රදේශයේ හදුන් දිවියන් මෙන්ම කදුකර කොටියන්ද ගැවසෙක බවත් එම තත්වයන් මත මෙම හදුන් දිවියා පාර මාරුවිමකදි යම් වාහනයක ගැටිමට ලක්ව මිය යන්නට ඇතැයි සැකකරන බවත්ය.


මෙම ප්‍රදේශයේ සැරි සරන හදුන් දිවියන් හා කදුකර කොටියන් හේතුවෙන් එම ප්‍රදේශයේ ජිවත් වන තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇති බව එම ප්‍රදේශයේ කිප දෙනකු පවසන ලදි.

 

More News..