මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ සෙවීමට පුළුල් විමර්ශනයක්
30 October 2026
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ සෙවීමට පුළුල් විමර්ශනයක්
30 October 2026
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවූ දූෂණ අක්රමිකතා සොයාබැලීම සඳහා වලාන දූෂණ මර්දන ඒකකය ඇතුළු විමර්ශකයින් කණ්ඩායමක් එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත ලබාගනිමින් සිටින බව වාර්තා වේ.
එම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන දූෂණ අක්රමිකතා පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
කොළඹ විශ්වවිද්යාලයේ පරිගණක පීඨයේ මහාචාර්යවරුන්, ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ (CERT) නිලධාරීන්, ගව්ටෙක් ශ්රී ලංකා හා ටෙලිකොම් ආයතනයේ විශේෂඥයින් මේ සඳහා එක්ව සිටී.

