හෙට (30) සාමාන්‍ය පාසල් දිනයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි
29 November 2026
හෙට (30) සාමාන්‍ය පාසල් දිනයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි
29 November 2026
2026 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ කටයුතු එළඹෙන දෙසැම්බර් මස 04 වැනිදායින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කරයි. අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
හෙට (නොවැම්බර් 30) ආරම්භ වන සතිය මෙම වසරේ තෙවන පාසල් වාරයේ අවසන් සතිය බැවින්, ඒ සම්බන්ධයෙන් සියලුම අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇති බව ලේකම්වරයා පවසයි. වසර ආරම්භයේදී උද්ගත වූ යම් යම් සුවිශේෂී තත්ත්වයන්, විශේෂයෙන්ම 'දිට්වා' තත්ත්වය හේතුවෙන් විභාග කල් දැමීමට සිදුවීම නිසා මුලින් සැලසුම් කර තිබූ පාසල් දින 197ක ප්‍රමාණය දින 186ක් දක්වා අඩු වී ඇති බැවින්, තවදුරටත් පාසල් දින සංඛ්‍යාව අඩු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
දැනටමත් ඇතැම් පාසල්වල වාර අවසාන විභාග පවත්වා අවසන් කර ඇති අතර, තවත් පාසල් විෂය බාහිර ක්‍රියාකාරකම් සූදානම් කර ඇති බැවින් කිසිදු බාධාවකින් හෝ වෙනසකින් තොරව, සැලසුම් කළ පරිදිම මෙම සතිය තුළ සියලු පාසල් කටයුතු අවසන් කරන ලෙස උපදෙස් ලබා දී ඇත. ඒ අනුව, හෙට දිනය (නොවැම්බර් 30) සාමාන්‍ය පාසල් දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත්, එදිනට නියමිත විභාග ඇතුළු සියලුම පාසල් කටයුතු කිසිදු වෙනසකින් තොරව පැවැත්වෙන බැවින් ඒ සඳහා සහාය ලබා දෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දෙමාපියන්ගෙන් සහ සිසු දරුවන්ගෙන් ඉල්ලා සිටී.


