brand logo
logo
ආපදා සහන ණය ප්‍රගතිය සොයා බැලීම සම්බන්ධයෙන් අවධානය

ආපදා සහන ණය ප්‍රගතිය සොයා බැලීම සම්බන්ධයෙන් අවධානය

08 September 2026

ආපදා සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සොයා බැලීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අවධානය යොමුව ඇත.


සහන දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත සක්‍රිය කිරීම පිණිස ආපදා (RE-MSME - Disaster Relief) ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත්, ආපදාවට පන් ව්‍යාපාර වලට මුල්‍ය සහය ලබා දීම පිණිස විස්තීරණ ආපදා සහන (EDR) ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එම ණය යෝජනා ක්‍රම 2025 සහ 2026 වර්ෂ වල ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 10,000 ක් වෙන් කරනු ලැබ තිබේ. ආපදාවෙන් පසු සියලු ව්‍යාපාර කඩිනමින් නැවත ආරම්භ කිරීමට ක්ෂණික මුල්‍ය සහන ලබා දීම සහ රටෙහි ආර්ථීකය වේගයෙන් යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කර ගනිමින් 2026 වර්ෂයේ සිට එම ණය යෝජනා ක්‍රම 02 ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ඒ අනුව, එකී ණය යෝජනා ක්‍රමය යටතේ සහභාගිත්ව මූල්‍යායතන 15 ක සහාය මතදිට්වා ආපදාවෙන් බලපෑමට ලක් වූ ව්‍යවසායයන් 3,968 කට රුපියල් මිලියන 8,061.4 ක ණය මුදලක් ලබා දීමට කටයුතු කරනු ලැබ තිබේ. එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ තොරතුරු මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් එම තොරතුරු සැලකිල්ලට ගන්නා ලදී.

 

More News..